TIGblogs TIG | TIGblogs GROUP TIGBLOGS LOGIN SIGNUP
yajitha's Blog
yajitha's Blog
Review of My Belly is White by Austin Fernando (in Sinhala)


My Belly is White - මගේ බඩවත සුදුය දුටු සැනින් ඒත්තු නොයන මාතෘකාවක්.

ඒත් පිටු 927 ක් පුරා දිවයන කතාවක්. පසුගිය සඳුදා දොරට වැඩි මෙම කෘතිය ලියා ඇත්තේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ හිටපු ආක්‍ෂක ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මෙය ගැටුම් නිරාකරණ සාහිත්‍යයට අලූතින් එකතු කිරීමකි. අනෙක් අතින් වසර දෙකක්වත් නොපැවති රනිල් වික‍්‍රමසිංහ රෙජීමය තුළ සිදුවූ සාම කි‍්‍රයාවලිය දෙස නව මානයකින් බැලීමට කරන ලද උත්සාහයකි. මීට පෙර මෙම සාම කි‍්‍රයාවලිය පිලිබඳ විෂය අරභයා ලියවී ඇත්තේ කෘති දෙකකි. එනම් ජෝන් ගුණරත්න විසින් ලියන ලද ආණ්ඩුවේ සාම මහලේකම් කාර්යාලය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද සාම කි‍්‍රයාවලිය පිළිබඳ දින වකවානු හා යම් යම් විස්තර අඩංගු .රෙදප එයැ ිැජදබා රදඅ, කෘතියයි. කෘතියකි. අනෙක කෘතිය සාම කි‍්‍රයාවලියේ ඇතුළත වලල්ලේ සිට .උ්ර ්බා ඡුැ්ජැ. නමින් ඇන්ටන් බාලසිංහම් විසින් ස්වකීය දැක්ම ඉදිරිපත් කරන ලද කෘතියයි. ඒ අතින් බලන විට එම වලල්ලේ සිටම කතාවේ අනෙක් පැත්ත සමාජයට ඉදිරිපත් කිරීම සඳහා ඔස්ටින් ප‍්‍රනාන්දුද ඇති වූ ගැටළු සම්බන්ධයෙන් ස්වකීය දැක්ම කීම සඳහා ලියන ලද කෘතියක් ලෙස මෙය සැලකිය හැකිය. ආරක්‍ෂක ලේකම් ලෙස ඔස්ටින් ජනතා විමුක්ති පෙරමුණෙන් හෙළ උරුමයෙන්ද ”දේශ ද්‍රෝහී” යන නම්බු නාමයෙන් පිදුම් ලැබුවෙකි. නමුත් අද අප ජීවත් වන්නේ ස්වකීය කි‍්‍රයාකාරකම් විවේචනයන් කරන්නන් වෙත ”දේශ ද්‍රෝහී” නම්බුනාමය පුද කරන ආරක්‍ෂක ලේකම් වරයෙකු ඉන්නා රටකය. එහෙත් ඔස්ටින් සිියධුර කාලයේදී කිසිවකුට එම නම්බුනාමය පිදීමට සිය බලය භාවිතා කළේ නැත. ආරක්‍ෂාව ගැන ලියන ජනමාධ්‍යවේදීන්ගේ තියුණු විවේචනයට භාජනය වුවද ඔස්ටින් කිසිවිටෙක ඔවුන් සමඟ ගැටුමකට ගියේ නැත. ”තමුසේලා  ඕවා නතර නොකළොත් තමුසේලාට වෙන දේ බලාගන්නවා යැයි කීවේ නැත.

පරිච්ෙඡ්ද 21ක් අඩංගු මෙම කෘතිය මඟින් ඔහු සියුම් ලෙස ”දේශ ද්‍රෝහී” නම්බුනාමයෙන් පුදනු ලැබීමට හේතුවූ කරුණු වලට පිළිතුරු දී ඇත. එමෙන්ම ”මිලේනියම් සිටි” සිද්ධිය මනිරාසකුලම් ගැටුම, හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ඝාතනය වීම්, ඔවුන්ගේ නම්, ගම් හා විස්තර, එල්.ටී.ටී.ඊ. සංවිධානයට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර ලබා දීම, සටන්විරාම ගිවිසුමේ යම්යම් වගන්ති ආරක්‍ෂ ලේකම් ලෙස තමන් විසින්ම කඩනු ලැබු ආකාරය ආදියද පැහැදිලි කරමින් ඒ පිළිබඳව සිය මතය ඉදිරිපත් කරයි.

මෙම කෘතියට එල්ල විය හැකි ප‍්‍රධාන විවේචන දෙකකි. එනම්, මේ කෘතියේ අන්තර්ගතය එල්.ටී.ටී.ඊ. සංවිධානයට වාසි සහගත වේද? හා අන්තර්ගතය රනිල් වික‍්‍රමසිංහගේ සාම කි‍්‍රයාවලිය ආරක්‍ෂා කිරීමට දරන ලද උත්සාහයක්ද? යන්නය.

ඒ විවේචන දෙකටම පිළිතුරු ලබා ගැනීම සඳහා මේ පොත කියවිය යුතුය. ජනමාධ්‍යවේදීන් වශයෙන් අපට මෙම කෘතිය වැදගත් වන්නේ එකල උඩින් පල්ලෙන් ආරක්‍ෂ විශ්ලේෂණ නමින් වක්කඬේ කැඩුවිට වතුර ගලන්නක් මෙන් නිදහසකින් ලියා තිබු දේ හා සැසඳීමටයි. ඉතාමත් හොඳ කාලයකදී වුවද යහපත් ජනමාධ්‍යවේදය ඉතාමත් දුෂ්කර කාරණයකි. කිසිවිටෙකත් ප‍්‍රමාණවත් කාලයක් හෝ ප‍්‍රමාණවත් තොරතුරු හෝ නොලැබේ. එහෙත්, සමාජයක් ප‍්‍රචණ්ඩ ගැටුම් වලින් තර්ජනයට ලක්වූ විට ජනමාධ්‍යවේදය වඩාත් වැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දේ. පසමිතුරු කණ්ඩායම් ජනමාධ්‍ය පාලනය කිරීමට උත්සාහ ගනිති. තොරතුරු විශ්වාස කළ නොහැකි තත්ත්වයට පත්වීම හෝ වාරණයට ලක්වීම සිදුවේ. පෞද්ගලික අනතුරුදායක තත්ත්වයන්ද ඇතිවේ. මේ වනාහි යහපත් ජනමාධ්‍ය වඩාත් වැදගත් වන කාලයකි. මෙරට සාම ප‍්‍රයත්නයන් ඇතිවන කාලයකද ප‍්‍රචණ්ඩ ගැටුම් පවතින කාලයක ද ජනතාවට විශ්වාසවත් තොරතරුැ සැපයීම සඳහා අතිරේක ජනමාධ්‍යවේදී කුසලතා අවශ්‍යය. ගැටුම් වලට හේතුවන්නේ කුමක්ද යන්නත් ගැටුම් හට ගෙන අවසන් වන්නේ කෙසේද යන්නත් වාර්තාකරුවන් අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. මෙම තොරතුරු සැපයීමෙන් ප‍්‍රචණ්ඩත්වයට යටින් ඇති ගැටුම ගැන ජනතාව වඩාත් හොඳින් දැනුවත් කිරීමටත් එය විසඳා ගැනීමට උදව් වීමටත් ජනමාධ්‍යවේදයට හැකිය. එහෙත් එමඟින් සාමය සඳහා ප‍්‍රචාරකවාදී වීමක් ජනමාධ්‍යවේදීන් ගෙන් අපේක්‍ෂා නොකෙරේ. ඔස්ටින්ගේ මේ පොත ඊනියා ”ඉරිදා හෙලිදරව්” සියුම් ලෙස ප‍්‍රශ්ණ කරනු ලබයි. මාධ්‍ය මර්දනයක් නොපවතින යුගයක නම් මේ පොත අනිවාර්්‍යයෙන්ම සංවාදයට බඳන්වනු නිසැකය. එහෙත් අනාවැකියක් ලෙස කිව හැක්කේ මේ මර්දනකාරී වාතාවරණයන් තුළ ඔස්ටින්ට නැවත වතාවක් ”දේශ ද්‍රෝහී” ඔටුන්න පැලඳවීමෙන් එහාට යමක් සිදු නොවනු ඇති බවයි.

ඔස්ටින්ගේ තර්ක කෙසේ වෙතත් ඔස්ටින් ඉදිරිපත් කරන කරුණු වල අවංකභාවය මම ප‍්‍රශ්න නොකරමි. ඒ ඔස්ටින්ගේ බඩවත මෙන්ම හදවතද සුදු බැවිනි. ඔස්ටින් ගේ මේ කෘතිය අඩුතරමින් තෝරාගත් පරිච්ෙඡ්ද වත් දේශිය භාෂාවන්ට පරිවර්තනය කරන්නේ නම් එය මේ රටේ සිංහල හා දෙමළ බසින් ඇති ගැටුම් නිරාකරණ සාහිත්‍යයට නව දැනුමක් එක් කරනු ඇත. එය ඉතාම වැදගත් වන්නේ ගැටුම ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් හා ඉංගි‍්‍රසි කතා කරන යන ජාතීන් අතර අතින් වන බැවිනි.

උවිඳු කුරුකුලසූරිය

Similar Posts:

July 19, 2008 | 8:07 AM Comments  0 comments

You must be logged in to add tags.


Sanjana's Profile


Latest Posts
We do not know what no...
The man who refused to...
Aren’t we all in...
So close and yet so...
Artistes of hypocrisy...

Monthly Archive
May 2007
June 2007
July 2007
August 2007
September 2007
October 2007
November 2007
December 2007
January 2008
February 2008
March 2008
April 2008
May 2008
June 2008
July 2008
August 2008
September 2008
October 2008
November 2008

Change Language


Tags Archive
advocacy ampara and antitamilriots batticaloa blackjuly colombo conflict constitutionalreform democracy economy english humanrights humansecurity idpsandrefugees jaffna ltte mannar media peace peaceandconflict politics puttlam srilanka trincomalee uncategorized vavuniya war සිංහල 1983

Links
Groundviews
Info Share


24463 views
Important Disclaimer